ඔස්ට්‍රේලියා මුහුදේ නීති විරෝධී විදේශ යාත්‍රා ඉහළට

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීති විරෝධී විදේශ ධීවර යාත්‍රා සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඉහළ ගොස් තිබෙනවා.

රජයේ නවතම දත්ත අනුව පෙනී යන්නේ උතුරු ඔස්ට්‍රේලියානු කලාපය තුළ වැඩි වශයෙන් මෙලෙස නීති විරෝධී ධීවර බෝට්ටු සැරසරන බවයි.

පසුගිය වසරට සාපේක්ෂව නීති විරෝධී ධීවර බෝට්ටු දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතරම මිනිස් ජාවාරම්කරුවන් පිළිබඳ ලැබෙන තොරතුරු ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන් ඩ්‍රෝන යානා භාවිතා කරමින් නිරීක්ෂණ කටයුතු ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය 2023 වසරේ ජූලි මස පළමුවනදා සිට මේ දක්වා විදේශීය ධීවර බෝට්ටු 216ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගත් බෝට්ටු සම්බන්ධ විමර්ශනයේ දී ද පෙනී ගොස් ඇත්තේ මිනිස් ජාවාරම් සිදුවන බවයි.

උතුරු වෙරළ තීරයේ සමුද්‍ර උද්‍යාන ආශ්‍රිත වැඩි වශයෙන් මිනිස් ජාවාරම් සිදුවන බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඉන්දුනිසියානු ධීවරයින් මසුන් ඇල්ලීමේ මුවාවෙන් ඇතැම් ගොඩබිම්වල කඳවුරු බැඳ කඩොලාන පවා විනාශ කරමින් සිටින බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියානු සමුද්‍ර ආරක්ෂණ බලකාය පෙන්වා දෙන්නේ නිති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමැණීමෙන් වළකින ලෙසත් එලෙස පැමිණ හසුවුව හොත් පිටුවහල් කිරීම සිදු කරන බවයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »