Day: September 29, 2021

ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය ලබන සිකුරාදා අලුයම 04 ට ඉවතට

දැනට දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සිකුරාදා අලුයම 04 ට ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇතැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More »

සේවකයන් දහස් ගණනක් හුදකලා කිරීමෙන් මෙල්බර්න් සුපිරි වෙළඳසැල් පවත්වාගෙන යාම අසීරු අඩියක

සේවකයන් දහස් සංඛ්‍යාත පිරිසක් හුදකලා කිරීම හේතුවෙන් මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාම දැඩි දුෂ්කර වී තිබේ. Coles සහ Woolworths ඇතුලු සුපිරි වෙළඳ සැල් මේ අතර වෙයි. එබැවින් ඇතැම් අලෙවිසැල් විවෘත කර තැබෙන වේලාවන් අඩුකර ඇති අතර තවත් වෙළඳසැල් වැනි සේවා සීමා කර තිබේ. කෙසේවතත් සුපිරිවෙළඳසැල් සඳහා ඇතැම් නීති රීති වෙනස් කරන ලෙස ඒවායෙහි කළමණාකාරීත්වය වික්ටෝරියා සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටී. ගතවූ මාස 03 සැලකීමේදී Coles සේවකයන් 30,000 ක් පමණ හුදකලා කර තිබී ඇත.

Read More »

සේවකයෙකුට කොවිඩ් – Dandenong හි MKS Spices’n Things තාවකාලිකව වසා දැමේ

Dandenong හි MKS Spices’n Things හි සේවකයෙකු කොවිඩ් ආසාධිත බව තහවුරු කරගෙන තිබේ. පසුගිය සඳුදා (27) පස්වරු 06 යි 30 ට පමණ එය වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියාසිටියේ. මේ අනුව Dandenong ශාඛාව තාවකාලිකව වසා දමා ඇත. සියලු සේවකයන් වහා හුදකලා කර තිබේ. පසුගිය 23 වනදා සිට 25 වනදා පස්වරු 05 දක්වා කාලය තුළ Dandenong ශාඛාව වෙත පැමිණි කවරෙකු හෝ වෙතොත් වහා හුදකලා වන ලෙසටත් කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසටත් ඔවුන් ඉල්ලා සිටිනවා. ONLINE ඇණවුම් Ashwood, Preston,

Read More »

ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන කථාව බොරුවක්

ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සදහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණයවන පුවත අදාළ බළධාරින් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණක් බව ආරක්ෂක අමාත්‍යංශය මහජනතාව වෙත දැනුම් දෙනවා. එබැවින් මෙම තොරතුර සම්බන්ධයෙන් කලබලවීමට හේතුවක් නොමැති බවයි ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න අවධාරණය කරන්නේ. ජාඇල – බෝපිටිය – ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස නාවික හමුදා

Read More »

සිඩ්නි මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටුණු 06 හැවිරිදි දරුවෙකුට බරපතල තුවාල

සිඩ්නි Marrickville හි Illawarra පාරේ පිහිටා ඇති මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටුණු 06 හැවිරිදි දරුවෙකු බරපතල තුවාල ලබා තිබේ. අද පස්වරු 01 යි 45 ට පමණ අසදාළ දරුවා ඇද වැටී ඇත්තේ 03 වන මහළෙනි. ඔහුගේ හිසට සහ පපුවට බරපතල තුවාල සිදුවි ඇතැයි සෞඛ්‍ය කණ්ඩායම් කියාසිටී. දරුවා මේ වනවිට Sydney Children’s Hospital වෙත බරපතල තත්වයෙන් ඇතුළත් කර තිබේ. ඔහු සිහිමඳ ගතියෙන් පසුවන බවද පොලිසිය කියයි. SOURCE : https://7news.com.au/news/sydney/boy-fighting-for-life-after-falling-from-marrickville-apartment-window-c-4102261 pic – 7News

Read More »