Day: September 29, 2021

හෝටල් සේවකයන් කොවිඩ් අවධානමේ දැමුවැයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට චෝදනා 58 ක්

හෝටල් නිරෝධායන වැඩපිළිවෙල් සිදුවු නීති රීති උල්ලංඝනයවීම් 58 ක් සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට චෝදනා ගොණු කර තිබේ. ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනය අධීක්ෂණය කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටයි. කෙසේවෙතත් WorkSafe පෙන්වා දෙන්නේ නිරෝධායන හෝටල්වල අධීක්ෂණ කටයුතු සඳහා ඒ පිළිබඳ විද්වත් දැනුමක් ඇති පුද්ගලයන් පත් කිරීමට ඔවුන් අසමත් වී ඇති බවයි. විශේෂයෙන් හෝටල්වල ආරක්ෂක අංශ නිළධාරීන් වැනි අධි අවධානම් රැකියාවල නිරතවන්නන්ට නිසි පුහුණුවක් දීමට පවා වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවට WorkSafe චෝදනා කරනවා.

Read More »

වසර මිලියන 180 ක් පැරණි ලොව පැරණිතම ඝර්ම කලාපීය වැසි වනාන්තරයේ අයිතිය ඇබොරිජීන්වරුන්ට

ලොව පැරණිතම ඝර්ම කලාපීය වැසි වනාන්තරය වන ඔස්ටේ්‍රලියාවේ ඩේන්ටී්‍ර වැසි වනාන්තරයේ අයිතිය ස්වදේශිකයන් වන ඇබොරිජීන්වරුන්ට පවරා දී තිබෙනවා. වසර මිලියන 180 ක් පමණ පැරණි මෙම වැසි වනාන්තරය 1988 වසරේ සිට යුනෙස්කෝ ලෝක උරුමයක්ද වනවා. මේ අනුව මින් ඉදිරියට එහි කළමණාකාරීත්වය ඔස්ටේ්‍රලියානු ස්වදේශික ජනතාව සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සමග එක්ව සිදුකරනු ඇති. ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන මහා බාධක කොරල් පරයද ඩේන්ට්‍රී වැසි වනාන්තරයට මායිම්ව පිහිටා තිබීම විශේෂත්වයක්. source : https://www.bbc.com/news/world-australia-58729781

Read More »

මෙල්බර්න් CFMEU මූලස්ථානයේ 04 කට කොවිඩ් – Tier 01 කොවිඩ් අවධානම් ස්ථානයක් කෙරේ

දින කිහිපයක් පුරා පැවති විරෝධතාත් සමග මෙල්බර්න් හි CFMEU මූලස්ථානය Tier 01 ඝනයේ කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ. එහි වෘත්තීය සමිති නියෝජිතයන් සහ නිළධාරීන් 04 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවයි මේ වනවිට තහවුරු වී ඇත්තේ. කෙසේවෙතත් ඔවුන් කිසිවෙකුත් විරෝධතා සඳහා සහභාගී වී තිබුණේ නැහැ. අදාළ දිනවල විරෝධතාකරුවන් සමග එකිනෙකා මුහුණට මුහුණ හමුවු විශාල පිරිසක් මේ වනවිට හුදකලා කර තිබෙනවා. විරෝධතාකරුවන් දෙදෙනෙකුද කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් අතර තවත් ආසාධිතයන් ඔවුන් අතර සිටිය හැකි බවයි

Read More »

සතිපතා දෙන කොවිඩ් සහන මුදල් ළගදීම අත්හිටුවයි – ඩොලර් 750, $ 450 ට අඩු කෙරේ

කොවිඩ් තත්වය හේතුවෙන් ජනතාවට ලබාදුන් සහන මුදල් ඉතාම නුදුරේදී අත්හිටුවන බව මුදල් ඇමති Josh Frydenberg කියයි. එන්නත්කරණ ඉලක්කය සියයට 70-80 ඉලක්කයට ආසන්නවීමත් සමග තත්වයන් ලිහිල් වෙමින් පැවතීම ඊට හේතුවයි. පළමුවෙන් සහන මුදල් ප්‍රමාණය අඩු කිරීම සැලසුම වී තිබෙනවා. ඒ අනුව පැය 20 කට වැඩියෙන් රැකියා අහිමිවීම මත දැනට සතිපතා ගෙවන ඩොලර් 750 ක මුදලත් / පැය 20 ට අඩුවෙන් රැකියා අහිමිවීම මත ගෙවක ඩොලර් 450 ක මුදලත් ඉතාම නුදුරේදී ඩොලර් 450 ක තනි අගයකට ගෙන

Read More »

NSW ඊයේ කොවිඩ් මරණ 15 ක් – ආසාධිතයන් 866 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (28) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 866 ක් වාර්තා වි තිබේ. දැනට 1082 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 212 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 15 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 387 කි. https://twitter.com/NSWHealth/status/1443019429210562561?s=20

Read More »