දින කිහිපයක් පුරා පැවති විරෝධතාත් සමග මෙල්බර්න් හි CFMEU මූලස්ථානය Tier 01 ඝනයේ කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර තිබේ.
එහි වෘත්තීය සමිති නියෝජිතයන් සහ නිළධාරීන් 04 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවයි මේ වනවිට තහවුරු වී ඇත්තේ.
කෙසේවෙතත් ඔවුන් කිසිවෙකුත් විරෝධතා සඳහා සහභාගී වී තිබුණේ නැහැ.
අදාළ දිනවල විරෝධතාකරුවන් සමග එකිනෙකා මුහුණට මුහුණ හමුවු විශාල පිරිසක් මේ වනවිට හුදකලා කර තිබෙනවා.
විරෝධතාකරුවන් දෙදෙනෙකුද කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් අතර තවත් ආසාධිතයන් ඔවුන් අතර සිටිය හැකි බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.