වසර මිලියන 180 ක් පැරණි ලොව පැරණිතම ඝර්ම කලාපීය වැසි වනාන්තරයේ අයිතිය ඇබොරිජීන්වරුන්ට

ලොව පැරණිතම ඝර්ම කලාපීය වැසි වනාන්තරය වන ඔස්ටේ්‍රලියාවේ ඩේන්ටී්‍ර වැසි වනාන්තරයේ අයිතිය ස්වදේශිකයන් වන ඇබොරිජීන්වරුන්ට පවරා දී තිබෙනවා.

වසර මිලියන 180 ක් පමණ පැරණි මෙම වැසි වනාන්තරය 1988 වසරේ සිට යුනෙස්කෝ ලෝක උරුමයක්ද වනවා.

මේ අනුව මින් ඉදිරියට එහි කළමණාකාරීත්වය ඔස්ටේ්‍රලියානු ස්වදේශික ජනතාව සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සමග එක්ව සිදුකරනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන මහා බාධක කොරල් පරයද ඩේන්ට්‍රී වැසි වනාන්තරයට මායිම්ව පිහිටා තිබීම විශේෂත්වයක්.

source : https://www.bbc.com/news/world-australia-58729781

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »