Day: September 29, 2021

ඉදිරි දින කිහිපය තුළ ධාරාණිපාත වැසි – ජල ගැලීම් ගැන වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 කට අනතුරු ඇගවීම්

ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාළගුණ තත්වයක් බලපානු ඇති බවට ප්‍රාන්ත 04 ක ජනතාවට අනතුරු අගවා තිබේ. ක්වීන්ස්ලන්ඩ් – නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ටස්මේනියා එම ප්‍රාන්තයි. ධාරාණිපාත වැසි – ජල ගැලීම් සහ අයිස් වැසි අපේක්ෂා කෙරෙන බවයි Bureau of Meteorology අනතුරු අගවන්නේ. කලාපයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වී තිබීම මීට හේතුවයි. සෙනසුරාදා වනවිට මෙම තත්වය පහව යනු ඇති බවද සඳහන්.

Read More »

වික්ටෝරියාවේ දිනක වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන අද​

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 950 ක් හමුව ඇත. මරණ 7ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9,890 කි. ඊයේ දිනයේදී (28) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 61,322 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 34,028 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1442993091107962881?s=20

Read More »

මෙල්බර්න් විද්‍යාඥයන් පිරිසකගෙන් දියවැඩියා පාලන දුරස්ථ පාලක නව උපකරණයක්

දියවැඩියාව පාලනය කිරීමේ අරමුණින් මෙල්බර්න් විද්‍යාඥයන් පිරිසක් දුරස්ථ පාලක නව උපකරණයක් හඳුන්වාදී තිබේ. ආහාර වේලක් ගැනීමෙන් පසු මෙම උපකරණයේ එක් බොත්තමක් ක්‍රියාත්මක කිරීම පමණක් කල යුතු අතර අනතුරුව එමගින් සිරුරේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂාවට ලක් කරයි. අනතුරුව නිරතුරුව සිදුකරන පරීක්ෂා කිරීම් මගින් දියවැඩියා තත්වය පාලනය කරගැනීමට මෙම උපකරණයෙන් පහසුකම් සැළසේ. කෙසේවෙතත් වෛද්‍ය උපදෙස් මත නිසි පරිදි ඖෂධ ලබාගැනීමද කල යුතු බවයි මෙල්බර්න් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. Source : https://www.9news.com.au/national/type-2-diabetes-melbourne-researchers-developing-remote-controlled-implant-to-help-people-with-diabetes-control-their-blood-sugar/571de6b3-6d80-4cb6-8bf9-3729c2457d40 Pic – 9News

Read More »

ශ්‍රී ලංකාවට පැමිණෙන දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නව මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කලේ ඒ අනුව ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු හෝ ඇය පැමිණෙන රටේදී පැය 72 කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක නම් ශ්‍රී ලංකාවේදී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බවයි. මෙම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන් තොටුපොළ දෙක සඳහා ම ක්‍රියාත්මක වනු

Read More »