ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නව මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කලේ ඒ අනුව ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු හෝ ඇය පැමිණෙන රටේදී පැය 72 කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක නම් ශ්‍රී ලංකාවේදී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බවයි.
මෙම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන් තොටුපොළ දෙක සඳහා ම ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස ඔවුන් සිටින හෝටලය වෙත යෑමට අවස්ථාව ලබාදෙන බවත් එහිදී පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
එහෙත් ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පීසීආර් පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මගින් ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කළ හැකියි.
එහිදී 12 වන දිනයේ දී නැවත වරක් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් ද ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.
නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකියි.
මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට නියමිතයි.