Search

සතිපතා දෙන කොවිඩ් සහන මුදල් ළගදීම අත්හිටුවයි – ඩොලර් 750, $ 450 ට අඩු කෙරේ

කොවිඩ් තත්වය හේතුවෙන් ජනතාවට ලබාදුන් සහන මුදල් ඉතාම නුදුරේදී අත්හිටුවන බව මුදල් ඇමති Josh Frydenberg කියයි.

එන්නත්කරණ ඉලක්කය සියයට 70-80 ඉලක්කයට ආසන්නවීමත් සමග තත්වයන් ලිහිල් වෙමින් පැවතීම ඊට හේතුවයි.

පළමුවෙන් සහන මුදල් ප්‍රමාණය අඩු කිරීම සැලසුම වී තිබෙනවා.

ඒ අනුව පැය 20 කට වැඩියෙන් රැකියා අහිමිවීම මත දැනට සතිපතා ගෙවන ඩොලර් 750 ක මුදලත් / පැය 20 ට අඩුවෙන් රැකියා අහිමිවීම මත ගෙවක ඩොලර් 450 ක මුදලත් ඉතාම නුදුරේදී ඩොලර් 450 ක තනි අගයකට ගෙන ඒමට නියමිතයි.

පසුව එය ඩොලර් 320 දක්වා අඩු කර අනතුරුව මුලුමනින්ම අහෝසි කෙරෙනු ඇති.

කෙසේවෙතත් කොවිඩ් නිසා බලපෑම් සිදුවු ව්‍යාපාර සඳහා ලබාදෙන ආධාර එලෙසින්ම ක්‍රියාත්මක බවයි මුදල් ඇමති Josh Frydenberg සඳහන් කලේ.

 

source : https://www.9news.com.au/national/covid-disaster-payments-to-be-scrapped-once-80-per-cent-vaccination-targets-are-reached/d6e040bd-b209-4ed3-99da-8a7d4cb3ec49

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »