හෝටල් සේවකයන් කොවිඩ් අවධානමේ දැමුවැයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට චෝදනා 58 ක්

හෝටල් නිරෝධායන වැඩපිළිවෙල් සිදුවු නීති රීති උල්ලංඝනයවීම් 58 ක් සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට චෝදනා ගොණු කර තිබේ.

ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනය අධීක්ෂණය කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටයි.

කෙසේවෙතත් WorkSafe පෙන්වා දෙන්නේ නිරෝධායන හෝටල්වල අධීක්ෂණ කටයුතු සඳහා ඒ පිළිබඳ විද්වත් දැනුමක් ඇති පුද්ගලයන් පත් කිරීමට ඔවුන් අසමත් වී ඇති බවයි.

විශේෂයෙන් හෝටල්වල ආරක්ෂක අංශ නිළධාරීන් වැනි අධි අවධානම් රැකියාවල නිරතවන්නන්ට නිසි පුහුණුවක් දීමට පවා වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවට WorkSafe චෝදනා කරනවා.

මුහුණු ආවරණ පැළඳිය යුතු නිවැරදිම ක්‍රමය ලිඛිතව ලබාදීමට පියවර ගෙන නොමැතිවීම තවත් නීති උල්ලංඝනයක් වී තිබෙනවා.

මෙම එක් චෝදනාවකට නියම කල හැකි උපරිම දඩය ඩොලර් මිලියන 1.64 ක්.

source : https://www.worksafe.vic.gov.au/news/2021-09/charges-laid-over-hotel-quarantine

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »