සේවකයන් දහස් ගණනක් හුදකලා කිරීමෙන් මෙල්බර්න් සුපිරි වෙළඳසැල් පවත්වාගෙන යාම අසීරු අඩියක

සේවකයන් දහස් සංඛ්‍යාත පිරිසක් හුදකලා කිරීම හේතුවෙන් මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාම දැඩි දුෂ්කර වී තිබේ.

Coles සහ Woolworths ඇතුලු සුපිරි වෙළඳ සැල් මේ අතර වෙයි.

එබැවින් ඇතැම් අලෙවිසැල් විවෘත කර තැබෙන වේලාවන් අඩුකර ඇති අතර තවත් වෙළඳසැල් වැනි සේවා සීමා කර තිබේ.

කෙසේවතත් සුපිරිවෙළඳසැල් සඳහා ඇතැම් නීති රීති වෙනස් කරන ලෙස ඒවායෙහි කළමණාකාරීත්වය වික්ටෝරියා සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටී.

ගතවූ මාස 03 සැලකීමේදී Coles සේවකයන් 30,000 ක් පමණ හුදකලා කර තිබී ඇත.

ඒ කොවිඩ් ආසාධිත පාරිභෝගිකයන් පැමිණිමත් සමග අවධානම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීම නිසාවෙනි.

කෙසේවෙතත් මෙම සේවක පිරිස් අතුරින් කිසිවෙකුත් කොවිඩ් ආසාධිතයන් ලෙස වාර්තා වී නැහැ.

එබැවින් සෘණාත්මක ප්‍රථිඵලයක් ලද වහා යළිත් සේවයට පැමිණීමටත් හුදකලා භාවයෙන් ඉවත් වීමටත් හැකිවන පරිදි නීති රීති වෙනස් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

source : https://www.9news.com.au/national/coronavirus-victoria-melbourne-supermarkets-struggling-to-run-with-staff-forced-into-isolation-says-coles-coo-matt-swindells/baf36191-95e3-4e60-84bb-5487f870d19e

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »