ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන කථාව බොරුවක්

ශ්‍රී ලංකාවේ දේවස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සදහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණයවන පුවත අදාළ බළධාරින් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණක් බව ආරක්ෂක අමාත්‍යංශය මහජනතාව වෙත දැනුම් දෙනවා.

එබැවින් මෙම තොරතුර සම්බන්ධයෙන් කලබලවීමට හේතුවක් නොමැති බවයි ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න අවධාරණය කරන්නේ.

ජාඇල – බෝපිටිය – ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස නාවික හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ දැනුවත් කර තිබෙනවා.

එම දේවස්ථානයේ ජයන්ත නිමල් පියතුමන් ප්‍රකාශ කළේ පස්වරුවේ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් යළි පැමිණ එය නිවැරදි කළ බවයි.

පෙරවරුවේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් පැමිණ ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බවට සිදුකළ ප්‍රකාශය වැරදීමකින් සිදුවූවක් බවත්, එය, නිවැරදි කිරීමට කටයුතු කරන බවත් පස්වරුවේ උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් දේවස්ථානයට පැමිණ තමාට ප්‍රකාශ කළ බවයි ජයන්ත නිමල් පියතුමා කියා සිටියේ.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »