Day: September 28, 2021

yohani

‘යොහානි’ බොලිවුඩ් චිත්‍රපට ගායනයට

සතීෂාන් රත්නායකගේ ‘මැණිකේ මගේ හිතේ ” ප්‍රති නිර්මාණ ගීතය ගායනා කිරීම නිසා ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වය පත් ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා සිය ප්‍රථම බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට අද (28) පිවිසියාය. ඉන්දියාවේ ප්‍රකට සංගීත හා  බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන සමාගමක්  වූ  ටී- සීරිස් ආයතනය විසින් නිෂ්පාදනය කළ , චිත්‍රපට අධ්‍යක්ෂක කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ”ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ  නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් ඇය මෙලෙස බොලිවුඩ් චිත්‍රපට ගායනයට එක්වූවාය.

Read More »

ආධුනිකයන් පුහුණු කිරීම සඳහා ඔස්ටේ්‍රලියා සේවායෝජකයන් වෙත තවත් අමතර මුදල්

විවිධ ක්ෂේත්‍රවල ආධුනිකයන් පුහුණු කිරීම සඳහා සේවායෝජකයන් වෙත තවත් අමතර මුදල් පිරි නැමීමට ස්කොට් මොරිසන් රජය තීරණය කර තිබේ. ඒ අනුව දෙවන වසරේ ආධුනිකයන් වෙනුවෙන් සියයට 10 ක් සහ 03 වන වසරේ ආධුනිකයන් වෙනුවෙන් සියයට 05 ක් ලෙස වැටුප් දීමනාවක් ඔවුන්ට ලබාදීමට නියමිතයි. මේ සඳහා රජය වැය කරන මුදල ඩොලර් බිලියන 3.9 කි. මෙලෙස ආධුනිකයන් සඳහා පළමු වසරේදී රජය විසින් ලබාදීමට අපේක්ෂා කරන මුදල ඩොලර් මිලියන 716 ක්. 2020 ඔක්තෝබර් 05 වනදාත් 2022 මාර්තු 31

Read More »

rego fee අඩු කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජයට බල කෙරෙන ව්‍යාපාරයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව අඩු කරන ලෙස ප්‍රාන්ත රජයට බල කෙරෙන ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. ඊට ප්‍රාන්තයේ ප්‍රධාන විපක්ෂය වන Liberal පක්ෂයද සහය දක්වන බව ප්‍රකාශ කර ඇත. මේ වනවිට මෙල්බර්න් නගරය සමස්තයක් ලෙස දින 240 කට වැඩි සංඛ්‍යාවක් Lockdown කර තිබේ. එසේ තිබියදී වාහන ලියාපදිංචි අලුත් කිරීමේ ගාස්තුව ලෙස ඉතා විශාල මුදලක් අය කිරීම සාධාරණ නැතැයි මෙල්බර්න් වාසීන් පෙන්වා දෙයි. ඔවුන් ප්‍රශ්න කරන්නේ නිවසේ නතර කර ඇති වාහනයක් වෙනුවෙන් මෙතරම් අධික

Read More »

වික්ටෝරියා නිවාස නිරෝධායනය නිරීක්ෂණයට App එකක් – Selfie ගැනීමත් අනිවාර්යයි

නිවාස නිරෝධායනයේ නිරත වන වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සම්බන්ධයෙන් ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් මගින් නිරීක්ෂණය කිරීමේ නව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඔවුන් නිවසේ සිටින බව තහවුරු කිරීම සඳහා සෙල්ෆි ඡායාරූපයක් ගෙන ඔප්පු කල යුතු වනවා. ඊට අමතරව නිරෝධායනයට ලක්වන පුද්ගලයන් ඔවුන්ගේ නිවසේම සිටීද යන්න තහවුරු කිරීමට GPS තාක්ෂණය පදනම් කරගත් ක්‍රමවේදයක්ද ක්‍රියාත්මකයි. ඇතැම්විට සෞඛ්‍ය අංශ විසින් නිරතුරුව ඔවුන් අමතා මෙම තහවුරුකිරීම් කරන ලෙස දැනුම්දීමට වුවද හැකි බව සඳහන්. මෙම Check in alert සඳහා විනාඩි 05 ක් තුළදී

Read More »

ඔස්ටේ්‍රලියාවත් ලංකාව මෙන් බංකොළොත් වනු ඇතැයි ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම කාන්තාවගෙන් අනතුරු ඇගවීමක්

දැනට ක්‍රියාත්මක ආර්ථික ක්‍රමය වෙනස් නොකලහොත් සංවර්ධිත රටක් ලෙස සිටින ඔස්ටේ්‍රලියාවද නුදුරේදී ශ්‍රී ලංකාව සහ ආර්ජන්ටිනාව වැනි ආර්ථික පීඩනයන්ට ලක්වූ රටක් බවට පත්විය හැකි බවට ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැළකෙන Gina Rinehart අනතුරු අගවනවා. පතල් කර්මාන්තයේ ව්‍යාපාර රැසක හිමිකාරීත්වය දරන ඇය පෙන්වා දෙන්නේ අධික ලෙස මුදල් වියදම් කිරීම සහ අධි නියාමනය ඊට ප්‍රධාන හේතූන් ලෙසයි. පසුගිය මැයි මාසය වනවිට ඩොලර් බිලියන 31 ක වත්කම් හිමි Gina Rinehart මෙම අදහස් පළකර ඇත්තේ බ්‍රිතාන්‍ය පුවත්පතක් සමග පැවති

Read More »