ඔස්ටේ්‍රලියාවත් ලංකාව මෙන් බංකොළොත් වනු ඇතැයි ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම කාන්තාවගෙන් අනතුරු ඇගවීමක්

දැනට ක්‍රියාත්මක ආර්ථික ක්‍රමය වෙනස් නොකලහොත් සංවර්ධිත රටක් ලෙස සිටින ඔස්ටේ්‍රලියාවද නුදුරේදී ශ්‍රී ලංකාව සහ ආර්ජන්ටිනාව වැනි ආර්ථික පීඩනයන්ට ලක්වූ රටක් බවට පත්විය හැකි බවට ඔස්ටේ්‍රලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැළකෙන Gina Rinehart අනතුරු අගවනවා.

පතල් කර්මාන්තයේ ව්‍යාපාර රැසක හිමිකාරීත්වය දරන ඇය පෙන්වා දෙන්නේ අධික ලෙස මුදල් වියදම් කිරීම සහ අධි නියාමනය ඊට ප්‍රධාන හේතූන් ලෙසයි.

පසුගිය මැයි මාසය වනවිට ඩොලර් බිලියන 31 ක වත්කම් හිමි Gina Rinehart මෙම අදහස් පළකර ඇත්තේ බ්‍රිතාන්‍ය පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.

පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියා රජයේ අයවැය හිගය ඩොලර් බිලියන 167 ක් ලෙස පැවතීම සතුටුදායක තත්වයක් නොවන බවත් ෆෙඩරල් රජය වහා වියදම් කප්පාදුවකට යා යුතු බවත් ඇය අවධාරණය කරනවා.

සියල්ල නොමිළයේ ලබාදීම වහා අත්හිටුවිය යුතු බව Gina Rinehart පෙන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සශ්‍රීක රටක් ලෙස පැවති ශ්‍රී ලංකාව අද වනවිට පත්ව ඇති තත්වය උදාහරණ ලෙස ගෙන හැර දක්වමින්.

Source : https://www.dailymail.co.uk/news/article-10031933/Gina-Rinehart-warns-Australia-end-impoverished-like-Sri-Lanka-Argentina.html

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »