ආධුනිකයන් පුහුණු කිරීම සඳහා ඔස්ටේ්‍රලියා සේවායෝජකයන් වෙත තවත් අමතර මුදල්

විවිධ ක්ෂේත්‍රවල ආධුනිකයන් පුහුණු කිරීම සඳහා සේවායෝජකයන් වෙත තවත් අමතර මුදල් පිරි නැමීමට ස්කොට් මොරිසන් රජය තීරණය කර තිබේ.

ඒ අනුව දෙවන වසරේ ආධුනිකයන් වෙනුවෙන් සියයට 10 ක් සහ 03 වන වසරේ ආධුනිකයන් වෙනුවෙන් සියයට 05 ක් ලෙස වැටුප් දීමනාවක් ඔවුන්ට ලබාදීමට නියමිතයි.

මේ සඳහා රජය වැය කරන මුදල ඩොලර් බිලියන 3.9 කි.

මෙලෙස ආධුනිකයන් සඳහා පළමු වසරේදී රජය විසින් ලබාදීමට අපේක්ෂා කරන මුදල ඩොලර් මිලියන 716 ක්.

2020 ඔක්තෝබර් 05 වනදාත් 2022 මාර්තු 31 වනදාත් පුහුණුව ආරම්භ කල ආධුනිකයන්ගේ පුහුණු කාලසීමාවේ වියදම්වලින් සියයට 50 ක් දැනටමත් ගෙවනු ලබන්නේ රජය විසිනුයි.

මෙමගින් ඔස්ටේ්‍රලියානුවන් 270,000 කට පමණ සිය ව්‍යාපාර පවත්වාගෙන යාමේදී සහනයක් අත්වනවා.

source : https://www.9news.com.au/national/australia-apprentices-morrison-government-adds-more-cash-to-employer-program/4c3ed7d7-0427-4cee-bdfc-3e255b0334be

ඔලිම්පික් ඉතිහාසයට නව පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

Read More »

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »