මැදියම් රැයේ අහස වර්ණවත් කළ කුණාටුව

දුර්ලභ සූර්ය කාලගුණ සිදුවීමක් හේතුවෙන් ලොව පුරා රටවල් රැසක අහස අසාමාන්‍ය වර්ණවලින් බැබළුණු ආකාරය බොහෝ පිරිසක් දැක බලාගෙන තිබෙනවා.

ඔරෝරා බොරේලියස් (aurora borealis) නම් වූ එහි දර්ශනීය ආලෝක තත්වයන් ඡායාරූප ශිල්පීන්ට පින්තූර ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙසටයි පැවසෙන්නේ.

දශක දෙකක් පුරා දැක ගැනීමට නොහැකි වූ ප්‍රබල භූ චුම්භක කුණාටුවක් මෙම සංසිද්ධීන් පිටුපස වූ බව කාලගුණ විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළ කළේ මෙම තත්ත්වය අද අලුයම දක්වා පැවතිය හැකි බවයි.

දශක දෙකකින් පසු පෘථිවියට බලපෑම් එල්ල කළ මෙම දැවැන්ත සූර්ය කුණාටුව හේතුවෙන් උතුරු එළි සංසිද්ධිය දැකගැනීමේ අවස්ථාව වැඩි වශයෙන් හිමිවී තිබුණේ පෘථිවියේ උතුරු කලාපීය රටවල ජනතාවටයි.

සූර්යාගෙන් නිකුත්වූ ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් යුරෝපා රටවල අහස රෝස සහ කොළ පැහැයෙන් වර්ණවත් වී තිබු බව සඳහන්.

අමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනයට අනුව මෙය වසර 21කට පසු පෘථිවියට බලපෑ ප්‍රබලතම භූ චුම්බක කුණාටුව වන අතර එය පස්වැනි මට්ටමේ පවතිනවා.

එහි බලපෑමෙන් ගෝලීය විදුලි සහ සන්නිවේදන පද්ධතිවලට බලපෑම් එල්ල විය හැකි අතර විදුලි බිඳවැටීම්, ජංගම දුරකථන ජාල බිඳවැටීම්, රේඩියෝ සංඥා බිඳවැටීම්, චන්ද්‍රිකා දත්ත ක්ෂයවීම් වැනි ආපදා අයත් වනවා.

අවසන්වරට මෙවැනි සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වී ඇත්තේ 2003 වසරේ ඔක්තෝබර් මාසයේදී වන අතර එමගින් ස්වීඩනයේ සහ දකුණු අප්‍රිකාවේ විදුලි පද්ධතිවලට බලපෑම් එල්ල වී තිබුණා.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »