Day: September 28, 2021

දකුණු ඔස්ටේ්‍රලියා Skilled Visa වැඩසටහනට තවත් වෘත්තීන් 70 ක්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Skilled Visa වැඩසටහනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිට අයදුම් කල හැකි තවත් වෘත්තීන් 70 ක් එකතු කර තිබේ. අද (28) සිට නව ලැයිස්තුව බලාත්මක වන බවයි ප්‍රාන්ත සංක්‍රමණ දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. අවම වශයෙන් වසර 08 ක සේවා පළපුරුද්ද හා නිසි ඉංග්‍රීසි භාෂා නිපුණතාවය සහිත අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කල හැකි වනවා. අද පෙරවරු 10 සිට Registration of Interest (RoI) ඉදිරිපත් කල හැකියි. අද සිට අලුතින් එකතුවු රැකියා 70 පහතින් දකුණු ඔස්ටේ්‍රලියා වීසා යාවත්කාලීන රැකියා ලැයිස්තුව :

Read More »
RAPID ANTIGEN

නොවැම්බර් 01 සිට ඔස්ටේ්‍රලියාවේ නිවාස තුළ රැපිඩ් පරීක්ෂණ සඳහා අවසර

ලබන නොවැම්බර් පළමුවනදා සිට ඔස්ටේ්‍රලියාවේ නිවාස තුළ රැපිඩ් ඇන්ටිජන් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම සඳහා අවසර දී තිබේ. සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් කියාසිටියේ ඒ සඳහා TGA හි අනුමැතියද ලැබී ඇති බවයි. මෙමගින් ඉතා පහසුවෙන් නිවසේදීම තමන්ටම පරීක්ෂණයක් කර ගැනීමට අවස්ථාව හිමිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැනටමත් – aged care homes / නිරෝධායන මධ්‍යස්ථාන සහ රැකියා ස්ථානවල රැපිඩ් පරීක්ෂණ සිදුකෙරේ. රැපිඩ් පරීක්ෂණයේ නිරවද්‍යභාවය පී සි ආර් පරීක්ෂණයක් හා ඉහළම මට්ටමක නොපවතින නමුත් එමගින් විනාඩි 10 ත් 15 ත්

Read More »

NSW ඊයේ ආසාධිතයන් 866 ක් – මරණ 07 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (27) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 866 ක් වාර්තා වි තිබේ. දැනට 1155 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 213 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 07 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 372 කි. https://twitter.com/NSWHealth/status/1442655573443428354?s=20

Read More »

ට්‍රක් රියදුරන් පිරිසක් Tullamarine Freeway හි සෙමින් ගමන් කිරීමේ විරෝධතාවයක

ට්‍රක් රථ රියදුරන් පිරිසක් විසින් Tullamarine Freeway හි සෙමින් ගමන් කිරීමේ විරෝධතාවයක් ආරම්භ කර තිබේ. ඒ වික්ටෝරියා ප්‍රාන්තය Lockdown කිරීමෙන් මුදා හරින ලෙස ඉල්ලමිනුයි. ට්‍රක්රථ 08 ක් පමණ පැයට කිලෝමීටර් 20 ක් වැනි අඩු වේගයකින් මෙලෙස ධාවනය කරමින් පවතින බවයි වාර්තා වන්නේ. එක් රථයක “Free Victoria” ලෙස සටහන් කර තිබිණ. වික්ටෝරියා පොලිසිය මැදිහත්ව වහා ට්‍රක් රථ මාර්ගයේ එක් මංතීරුවකට යොමු කර ඇති නමුත් Moreland Road ආශ්‍රිතව තරමක රථ වාහන තදබදයක් පවතින බව සඳහන්. මෙම රියදුරන්ට දඩ

Read More »

Dan Murphy’s and BWS අලෙවිසැල් වල ඇල්කොහොල් වර්ග 03 ක් නැවත කැඳවයි

ඔස්ටේ්‍රලියාව පුරා පිහිටි Dan Murphy’s and BWS අලෙවිසැල් වල අලෙවි කරන ලද ඇල්කොහොල් වර්ග 03 ක් නැවත කැඳවීමට පියවර ගෙන තිබේ. මෙලෙස කැඳවා ඇත්තේ පහත වර්ගවල මුද්‍රාවල දෝශයක් හේතුවෙනි. Pink Gin Soda – Batch LC14: BB: 05.08.23, Batch LC13: BB: 23.08.23 – 25.08.23, Batch LC18: BB: 01.09.23 – 03.09.23 Vodka Soda – Batch LC11: BB: 14.08.23 – 16.08.23 Vodka Soda Black – Batch LC12: BB: 10.08.23 – 13.08.23 අදාළ ඇල්කොහොල් වර්ග මිළදී ගෙන ඇත්නම් විවෘත නොකරන ලෙසත් පානය

Read More »