නොවැම්බර් 01 සිට ඔස්ටේ්‍රලියාවේ නිවාස තුළ රැපිඩ් පරීක්ෂණ සඳහා අවසර – AusLanka TV – Australian News for the Sri Lankan community

නොවැම්බර් 01 සිට ඔස්ටේ්‍රලියාවේ නිවාස තුළ රැපිඩ් පරීක්ෂණ සඳහා අවසර

නොවැම්බර් 01 සිට ඔස්ටේ්‍රලියාවේ නිවාස තුළ රැපිඩ් පරීක්ෂණ සඳහා අවසර

ලබන නොවැම්බර් පළමුවනදා සිට ඔස්ටේ්‍රලියාවේ නිවාස තුළ රැපිඩ් ඇන්ටිජන් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම සඳහා අවසර දී තිබේ.

සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් කියාසිටියේ ඒ සඳහා TGA හි අනුමැතියද ලැබී ඇති බවයි.

මෙමගින් ඉතා පහසුවෙන් නිවසේදීම තමන්ටම පරීක්ෂණයක් කර ගැනීමට අවස්ථාව හිමිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දැනටමත් – aged care homes / නිරෝධායන මධ්‍යස්ථාන සහ රැකියා ස්ථානවල රැපිඩ් පරීක්ෂණ සිදුකෙරේ.

රැපිඩ් පරීක්ෂණයේ නිරවද්‍යභාවය පී සි ආර් පරීක්ෂණයක් හා ඉහළම මට්ටමක නොපවතින නමුත් එමගින් විනාඩි 10 ත් 15 ත් අතරදී ප්‍රථිඵල ලබාගත හැකිය.

බ්‍රිතාන්‍ය – යුරෝපය හා අමෙරිකාව තුළ නිවාසවල රැපිඩ් පරීක්ෂණ සඳහා අවසරය ලබා දී තිබේ.

Credit: Getty Images

source : https://7news.com.au/lifestyle/health-wellbeing/covid-home-testing-could-be-available-in-australia-from-november-1-c-4089054