Day: September 28, 2021

වික්ටෝරියාවේ ගත වූ පැය 24 තුල වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 867 ක් හමුව ඇත. මේ ආසාදිතයින් අතරේ 140 දෙනෙකු අයත් වන්නේ සැප්තැම්බර් 27 වන දිනට වන අතර තවත් ආසාදිතයින් 9 දෙනෙකු සැප්තැම්බර් 26 වන දින වාර්තා වූවන් වේ. මරණ 4ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9,261 කි. ඊයේ දිනයේදී (27) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,450 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත්

Read More »

ජාත්‍යන්තර හමුදා බොක්සිං තරඟාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට පළමු වරට පදක්කමක්

රුසියාවේ මොස්කව් නුවර පැවති ජාත්‍යන්තර හමුදා බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගයානි කලුආරච්චි විසින් ලෝකඩ පදක්කමක් දීනා ගැනීමට සමත්වූවාය. ඇය කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ බිමට පිවිස තිබුණි. මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වකින් ලංකික ක්‍රීඩිකාවක් විසින් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අංශය පැවසීය. ජාත්‍යන්තර හමුදා බොක්සිං තරඟාවලිය මෙවර පවත්වා ඇත්තේ 58වන වරටය.

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ කාර්මික රැකියා අතුරින් 1/10 ක් අහිමිවීමේ අවධානමක්

රොබෝ ඇතුලු යන්ත්‍ර සූත්‍ර භාවිතය ඉහළයාමත් සමග ඔස්ටේ්‍රලියාව තුළ කාර්මික අංශයේ රැකියා අතුරින් 1/10 ක් අහිමිවීමේ අවධානමක් පැණ නැගී තිබේ. කොවිඩ් තත්වය හමුවේ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පැවතියදී මෙම තත්වය උද්ගතවීමද විශේෂත්වයක්. කෘෂිකර්ම – යන්ත්‍ර සූත්‍ර සම්බන්ධ රැකියා මෙන්ම ආහාර සැකසුම් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා වැඩිම අවධානමක ඇති බවයි Organisation for Economic Co-operation and Development (OECD) විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ. මෙම වාර්තාවට අනුව NSW හි Hunter කලාපයේ රැකියා අතුරින් සියයට

Read More »