rego fee අඩු කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජයට බල කෙරෙන ව්‍යාපාරයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව අඩු කරන ලෙස ප්‍රාන්ත රජයට බල කෙරෙන ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.

ඊට ප්‍රාන්තයේ ප්‍රධාන විපක්ෂය වන Liberal පක්ෂයද සහය දක්වන බව ප්‍රකාශ කර ඇත.

මේ වනවිට මෙල්බර්න් නගරය සමස්තයක් ලෙස දින 240 කට වැඩි සංඛ්‍යාවක් Lockdown කර තිබේ.

එසේ තිබියදී වාහන ලියාපදිංචි අලුත් කිරීමේ ගාස්තුව ලෙස ඉතා විශාල මුදලක් අය කිරීම සාධාරණ නැතැයි මෙල්බර්න් වාසීන් පෙන්වා දෙයි.

ඔවුන් ප්‍රශ්න කරන්නේ නිවසේ නතර කර ඇති වාහනයක් වෙනුවෙන් මෙතරම් අධික ගාස්තුවක් අය කරන්නේ ඇයිද යන්නයි.

මේ සඳහා වික්ටෝරියාවාසීන් 57,000 ක් පමණ දැනටමත් ඔන්ලයින් පෙත්සමකට පවා අත්සන් කර තිබේ.

source : https://www.9news.com.au/national/car-registration-rego-costs-call-for-refunds-lockdown-victoria/f46e93a3-9b2e-4e62-a90a-c0e2e9f6ebf7

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »

මෙල්බන් පදිංචිකරුවෙක් පයට දාන පාවහන් වෙනස් ජාවාරමකට යොදාගත් හැටි

පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »