ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ජන­වාරි මස පළ­මු­වැ­නිදා සිට මෙම මස 5 වනදා දක්වා කාලය තුල විදෙස් සංචා­ර­ක­යන් 806,698 දෙනකු ශ්‍රී ලංකා­වට පැමිණ ඇති අතර එය පසු­ගිය වසරේ එම කාලසීමාවට සාපේ­ක්ෂව කැපී පෙනෙන වර්ධ­න­යක් බවයි ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය ප්‍රකාශ කළේ.

මැයි මාසයේ මුල් දින 5 තුළ පමණක් විදෙස් සංචා­ර­ක­යන් 22,047 දෙනකු ශ්‍රී ලංකා­වට පැමිණ තිබෙනවා.

ඉන් වැඩිම පිරිස ඉන්දි­යා­වෙන් වන අතර එම සංඛ්‍යාව 4,351ක්.

එම දින 5 තුළ මාල­දි­ව­යි­නෙන් සංචා­ර­ක­යන් 2,489 දෙනකු පැමිණ තිබෙන බවද සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය සඳහන් කළා.

මැයි මාසයේ පළමු දින 5 තුළ පැමිණ ඇති සංචා­ර­ක­ය­න්ගෙන් සියයට 20ක් ඉන්දීය සංචා­ර­ක­යන් වන අතර බ්‍රිතාන්‍යයෙන් 1,508ක් සහ රුසි­යා­වෙන් 1,460ක් ලෙස වැඩි වශ­යෙන් සංචා­ර­ක­යන් පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා­වට වැඩි වශයෙන් සංචා­ර­ක­යන් පැමි­ණෙන රට­වල් අතු­රින් දෙවැනි තැනට මාල­දි­ව­යින පත් වීමද විශේ­ෂ­ත්ව­යක්.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »