
පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තායිලන්තයේ සිට සිඩ්නි වරාය වෙත පැමිණි පෙට්ටි හයක් දේශසීමා බලකා නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුවයි එහි ඇති පාවහන් තුළ තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ.
මෙම පෙට්ටි බටහිර සිඩ්නි හි ගබඩාවක ලිපිනයකට යොමු කර තිබූ අතර විමර්ශන සිදුවෙන අතරවාරයේ ඒවා ලබා ගැනීමට පැමිණි මැලේසියා ජාතිකයෙකු සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබුණා.

පොලිසිය එම පුද්ගලයා පසුපස හඹා ගිය අතර ඔහු සිඩ්නි සිට මෙල්බර්න් දක්වා අධිවේගී මාර්ගයේ රිය පදවාගෙන යන බවයි එහිදී නිරීක්ෂණය වී ඇත්තේ.
පොලිසිය මෙම පුද්ගලයා හඳුනාගෙන ඇති අතර බ්‍රහස්පතින්දා පස්වරුවේ ෆෙඩරල් පොලිස් නිලධාරීන් විසින් බර්වුඩ් හි පිහිටි නිවසේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී දුරකථන ගණනාවක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.
වික්ටෝරියා පොලිසිය සඳහන් කළේ මෙම වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි බවයි.
සැකකරු ඊයේ පෙරවරුවේ මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.