Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

වේල්ලට පහළ ප්‍රදේශවල ජල මාර්ග සහ ගංවතුර බිම් අසල පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටයි ඔවුන් දැනුම් දී ඇත්තේ.

නිව් සවුත් වේල්ස් හි ප්‍රදේශ රැසකට කාලගුණික අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර සිඩ්නි ඇතුලු ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් බලපා තිබෙනවා.

හෝක්ස්බරි නැපියන්, ඉලවාරා, සවුත් කෝස්ට්, සදර්න් ටේබල් ලෑන්ඩ්ස් සහ ස්නොවී මවුන්ටන්ස් ඇතුලු ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශ සඳහා හදිසි ගංවතුර පුරෝකථනයන් සමඟ දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා.

මිලිමීටර් 70 සහ 90 දක්වා වර්ෂාපතනයක් අද උදෑසන අපේක්ෂා කෙරුණු අතර ඉදිරි කාලයේ මිලිමීටර් 100 ත් 120 ත් අතර වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළා.

ගංවතුර හරහා රිය පැදවීමෙන් වළකින ලෙස රාජ්‍ය හදිසි ඇමතුම් අංශය නිවැසියන්ට අනතුරු අඟවා ඇති අතර ඉලවාරා සහ බේට්මාන් වෙරළ තීරයට තද සුළං මෙන්ම අනතුරුදායක රළ සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

සිඩ්නි නගරයට අද මිලිමීටර් 25 ත් 45 ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »