Search

ප්‍රබල වේග පන්දු යවන්නෙක් ටෙස්ට් පිටියට සමුදෙයි

එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු වන ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් පිටියට සමූදීමට සුදානම් වන බවට වාර්තා වනවා.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන බ්‍රෙන්ඩන් මැකලම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සුපිරි පන්දු යවන්නා මෙම තීරණයට එළඹ ඇති බවයි සඳහන් වන්නේ.

ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින වේගපන්දු යවන්නෙකු වන ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් තරග 187කදී කඩුලු 700ක් දවාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇන්ඩර්සන්ගේ තීරණය හේතුවෙන් එළඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තය නවක, තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි.

එංගලන්ත පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විසින් ඇන්ඩර්සන්ට මේ බව දැනුම් දී ඇතැයි ද වාර්තා වනවා.

2003 වසරේදී ටෙස්ට් වරම් ලැබූ ජිමී ඇන්ඩර්සන් මේ වනවිට 42 හැවිරිදි වියේ පසු වනවා.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »