සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

2019 වසර වන විට එම අගය සියයට 18.9ක් ලෙස සටහන්ව තිබූ අතර මේ වක විට එම අගයෙහි කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව සඳහන්.

සිසුන්ගේ හැසීරිම වඩාත් නරක පන්ති කාමර සහිත රටවල් අතර ඔස්ට්‍රේලියාව ඉහළින් පවතින බව සෙනෙට් පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා.

දෙමාපියන් අතින් සිදුවන අපයෝජනයන්, සිසුන් සහ පාසැල් කාර්ය මණ්ඩලය අතර පවතින සෘණාත්මක සබඳතා සහ කොවිඩ් වසංගත තත්වය හමුවේ පැවති සීමා මෙලෙස සිසුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් කෙරෙහි සෘජුව බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිසුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ගුරුවරුන්ට අවශ්‍ය සම්පත්, කාලය සහ සහාය ලබා දීම මගින් මෙම තත්වය පාලනය කරගැනීමට හැකිවනු ඇතැයි ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමය අවධාරණය කරන අතර පාසැල් විෂයමාලා අතරට චර්යා ධර්ම විෂය මාලාවක් ඇතුලත් කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත්වී තිබෙනවා.

2021 වසරේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සංගමය සිදු කළ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ ඔස්ට්‍රේලියානු රජයේ පාසල්වලින් සියයට 89ක ආබාධිත සහිත සිසුන්ට අධ්‍යාපනය ලබා දිමට සුදුසු පහසුකම් නොමැති බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »