වික්ටෝරියා නිවාස නිරෝධායනය නිරීක්ෂණයට App එකක් – Selfie ගැනීමත් අනිවාර්යයි

නිවාස නිරෝධායනයේ නිරත වන වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සම්බන්ධයෙන් ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් මගින් නිරීක්ෂණය කිරීමේ නව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

ඔවුන් නිවසේ සිටින බව තහවුරු කිරීම සඳහා සෙල්ෆි ඡායාරූපයක් ගෙන ඔප්පු කල යුතු වනවා.

ඊට අමතරව නිරෝධායනයට ලක්වන පුද්ගලයන් ඔවුන්ගේ නිවසේම සිටීද යන්න තහවුරු කිරීමට GPS තාක්ෂණය පදනම් කරගත් ක්‍රමවේදයක්ද ක්‍රියාත්මකයි.

ඇතැම්විට සෞඛ්‍ය අංශ විසින් නිරතුරුව ඔවුන් අමතා මෙම තහවුරුකිරීම් කරන ලෙස දැනුම්දීමට වුවද හැකි බව සඳහන්.

මෙම Check in alert සඳහා විනාඩි 05 ක් තුළදී ප්‍රතිචාර දැක්වීම අනිවාර්යය.

වයස අවුරුද 18 ට වැඩි ස්මාර්ට් ජංගම දුරකථනයක් හිමි ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගීවිය හැකිය.

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »

ඔලිම්පික් ඉතිහාසයට නව පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

Read More »

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »