බ්‍රිස්බේන්හි උද්‍යානයක පිහි ඇනුමකින් තරුණයෙක් මියයයි

බ්‍රිස්බේන් හි දකුණු ප්‍රදේශයේ උද්‍යානයකදී සිදු වූ පිහි ඇනුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මධ්‍යම රාත්‍රී 12.10ට පමණ සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් රහස් පරීක්ෂකයින් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇකේසියා රිජ්හි මෝර්ටිමර් පාරේ උද්‍යානයකට හදිසි සේවා කැඳවා ඇත්තේ උදරයේ පිහි ඇනුම් කිහිපයක් ඇති පුද්ගලයකු සිටින බවට වාර්තා වීම හේතුවෙන්.

එහි පැමිණි ගිලන් රථ වෛද්‍යවරුන් 22 හැවිරිදි තරුණයාට ප්‍රතිකාර කළ ද ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව සඳහන්.

පොලිසිය පැමිණීමට පෙර පිහි ඇනුම සිදු කළ එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රහස් පරීක්ෂක ක්‍රේග් මැක්ඩොනල්ඩ් පැවසුවේ මියගිය පුද්ගලයා සහ පිහි ඇනුම සිදු කළ සැකකරු ඊයේ රාත්‍රියේ උද්‍යානයට රැස්ව සිටි විශාල කණ්ඩායමක කොටසක් බවයි.

එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් අපරාධය සිදු වී ඇති බවටයි පොලිසිය සැක පළ කරන අතර පලා ගිය සැකකරු සොයා පොලිස් කණ්ඩායම් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »