මෙල්බන් නුවර මෝටර් රථ සොරකම් කරන ගැහැණු ළමයි

මෙල්බර්න් නුවරදී මෝටර් රථ කොල්ලකෑම සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුලු බාල වයස්කරුවන් තුන් දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙල්බර්න්හි බටහිර ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ සිදුවූ බව කියන මෝටර් රථ කොල්ලකෑමට මෙම සැකකරුවන් සම්බන්ධ බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

රාත්‍රී 11 ට පමණ මෙම බාල වයස්කරුවන් පිරිස 62 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී SUV රථයක් පැහැරගෙන යන ආකාරය CCTV කැමරාවලද සටහන් වී තිබුණා.

එම පුද්ගලයා සුළු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක ගැහැණු ළමයින් දෙදෙනෙකු ඇතුලු 5 දෙනෙකු පොයින්ට් කුක්හිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පැය දෙකහමාරක් පමණ මෝටර් රථය හෙලිකොප්ටර් මගින් ලුහුබැඳ ගොස් මෙහෙයුම සිදු කර තිබුණා.

පලාගිය පිරිසෙන් දෙදෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගෙන ඇති 16 හැවිරිදි පිරිමි ළමයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපා කෑම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

අවුරුදු 15 සහ 18 වයස්වල පසුවන අනෙක් දෙදෙනාට මෝටර් රථ සොරකම් කිරීමේ චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

14 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවේ සිට නිදහස් කර ඇති අතර මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ද චෝදනා එල්ල කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »