සතීෂාන් රත්නායකගේ ‘මැණිකේ මගේ හිතේ ” ප්‍රති නිර්මාණ ගීතය ගායනා කිරීම නිසා ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වය පත් ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා සිය ප්‍රථම බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට අද (28) පිවිසියාය.
ඉන්දියාවේ ප්‍රකට සංගීත හා බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වූ ටී- සීරිස් ආයතනය විසින් නිෂ්පාදනය කළ , චිත්‍රපට අධ්‍යක්ෂක කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ”ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් ඇය මෙලෙස බොලිවුඩ් චිත්‍රපට ගායනයට එක්වූවාය.
යොහානි ගේ ගායනය ඇතුළත් ෂිද්දත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කෙරෙනු ඇත.
ටී සීරිස් ආයතනය ඉදිරියේදී යොහානි ද සිල්වා සමග නව සංගීත නිර්මාණ රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන් සිටින බවද සදහන් වේ.