Search

ගෝලීය ඉල්ලීම් නොතකා ගෑස් භාවිතය ගැන රජයෙන් තීරණයක්

ෆොසිල ඉන්ධන භාවිතය ඉවත් කරන ලෙසට ඉදිරිපත් වන ගෝලීය ඉල්ලීම් නොතකා 2050 වන විට ගෑස් නිස්සාරණය සහ භාවිතය වේගවත් කරන බව රජය නිවේදනය කර තිබෙනවා.

රජය පවසන්නේ දේශගුණ විපර්යාස අවම කිරීමේ වැඩසටහනට සහාය වන අතරම ගෘහස්ථ බලශක්ති සැපයුම ඉහළ නැංවීම සඳහා මෙම පියවර අවශ්‍ය වන බවයි.

එහෙත් මෙම තීරණය විද්‍යාව ප්‍රතික්ෂේප කිරීමක් වන අතර, දේශගුණික ඉලක්ක කරා ළඟාවීම සඳහා ගල් අඟුරු, ඉන්ධන සහ ගෑස් භාවිතයේ දැවැන්ත පහත වැටීමක් සිදු විය යුතු බවටයි විවේචකයින් තර්ක කරන්නේ.

ලොව විශාලතම ස්වභාවික ද්‍රව වායු අපනයනය කරන රටවලින් එකක් ලෙසට ඔස්ට්‍රේලියාව තබාගෙන ඇති නාමය රඳවා ගැනීමේ අරමුණින් විශ්වාසනීය වෙළඳ හවුල්කරුවෙකු වීමට ඇති කැපවීම පෙන්වීමට මෙම තීරණය ගෙන ඇති බව ද රජය ප්‍රකාශ කර තිබෙනවා.

ෆොසිල ඉන්ධන නිෂ්පාදනය සහ ගවේෂණය යන දෙකම වැඩි කිරීමට කර්මාන්ත සහ රාජ්‍ය නායකයින් සමඟ ක්‍රියා කිරීමේ රජයේ සැලසුම් පසුගියදා ගෙනහැර දක්වනු ලැබුවා.

ඒ අනුව බටහිර ඕස්ට්‍රේලියාවේ චෙව්රොන් (Chevron) සහ වුඩ්සයිඩ් එනර්ජි ගෘප් (Woodside Energy Group) විසින් පවත්වාගෙන යනු ලබන විශාලතම ගෑස් ව්‍යාපෘති ප්‍රවර්ධනයට රජය අඛණ්ඩව සහාය දක්වනු ඇති.

2030 වසර වන විට විදුලිබල පද්ධතියට සියයට 82ක් පුනර්ජනනීය බලශක්තිය ලබා දීම සහ 2050 වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ ඉලක්ක කරා ගමන් කරන බැවින් ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ බලශක්ති සැපයුම සඳහා මෙම පියවර අවශ්‍ය බවයි රජය පෙන්වා දෙන්නේ.

දැනට රටේ පවතින බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 27ක් ගෑස් මගින් සිදු කෙරුණ ද දේශීය නිෂ්පාදනවලින් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබන්නේ චීනය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවලටයි.

රජයේ දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ සමස්ත කාබන් විමෝචනයෙන් හතරෙන් එකකට ගෑස් වගකිව යුතු බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »