Day: September 25, 2021

වසර 57 කට පසු AFL ශූරතාව මෙල්බර්න් Demons ට

AFL හෙවත් ඔස්ටේ්‍රලියානු පාපන්දු ලීග ශූරතාව (2021) දිනා ගැනීමට මෙල්බර්න් Demons පාපන්දු සමාජය සමත්විය. ඒ Western Bulldogs කණ්ඩායමට එරෙහිව 140 ට 66 ක ජයක් ලබාගනිමිනි. මෙවර අවසාන මහා තරගය පර්ත් හිදී පැවැත්විණ. 1964 වසරෙන් පසු එනම් වසර 57 කට පසු මෙල්බර්න් Demons පාපන්දු සමාජය මෙම ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව මෙයයි.   PIC – (Getty: Paul Kane)

Read More »

ජැක්ලීන්ගෙන් අදත් ප්‍රශ්න කරයි

බොලිවුඩ් ජනප්‍රිය නිලියක වන ශ්‍රී ලාංකික ජැක්ලීන් ෆර්නැන්ඩස්ගෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය අද නැවතත් ප්‍රශ්න කරන බව එරට මාධ්‍ය වාර්තා කළා. ඒ මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවකට අදාළවයි. ඉන්දීය රුපියල් කෝටි 200 ක් වංචා කළ බවට සුරේෂ් චන්ද්‍රසේකාර් නමැත්තෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ජැකලීන් ෆර්නෑන්ඩස්  චන්ද්‍රසේකාර් දැන සිටි බවයි වාර්තා වන්නේ. සුරේෂ් චන්ද්‍රසේකාර් නිරන්තරයෙන් දුරකථන සහ කෙටි පණිවුඩ මාර්ගයෙන් ජැක්ලීන් සමග සබඳතාවක් පවත්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ. පසුගිය මාසයේදී ද මූල්‍ය බුද්ධි ඒකකය මගින් ජැක්ලීන් ෆර්නෑන්ඩස්ගෙන්

Read More »

උද්ඝෝෂණවල නිරත වූ 94 දෙනෙකු මෙල්බර්න් CBD හා St Kilda ප්‍රදේශවලදී අත්අඩංගුවට

Lockdown විරෝධී සහ එන්නත්කරණ විරෝධී උද්ඝෝෂණවල නිරත වූ තවත් 94 දෙනෙකු අද දිනය තුළදී මෙල්බර්න් CBD හා St Kilda ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. St Kilda හි Luna Park ආශ්‍රිත කලාපය අවහිර කරමින් විශාල පිරිසක් විරෝධතාවල නිරතවීමට සූදානම් වූ අවස්ථාවේදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සියල්ලන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනා මත දඩ නියම කරන බව වික්ටෝරියා පොලිසිය කියයි. ඊයේ දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස 200 කට ආසන්න වූ අතර ඩොලර් මිලියනයකට වැඩි දඩ ඔවුන්ගෙන් අයකර

Read More »

AFL අවසාන තරගය නිසා මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් ඉහළ යනු ඇතැයි අනතුරු ඇගවීම්

මෙල්බර්න් නගරය තත්වයක පැවතියද තවත් පැය කිහිපයකින් ආරම්භ වන AFL අවසාන මහා තරගය හේතුවෙන් නගරයේ කොවිඩ් ආසාධිතයන් ගණන ඉහළ යනු ඇති බවට වික්ටෝරියා සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. පර්ත් හි Optus Stadium හිදි මෙල්බර්න් වේලාවෙන් රාත්‍රී 07 යි 15 ටයි තරගය ආරම්භ වන්නේ. එහෙත් එය නැරඹීම සඳහා වික්ටෝරියාවාසින් මෙල්බර්න් නගරයේ විවිධ ස්ථානවලට එක්රැස්විය හැකි බවට තොරතුරු පවතිනවා. එමගින් නැවතත් කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ. ඒ අනුව හැකිතාක් නිවෙස්වලට වී තරගය නරඹන ලෙසත් පහත

Read More »

ලොව හොඳම උසම ගොඩනැගිල්ල සම්මානය ඔස්ටේ්‍රලියාවට

Skyscraper ගණයට ගැනෙන ගොඩනැගිලි අතුරින් ලොව හොඳම ගොඩනැගිල්ලට හිමි සම්මානය දිනා ගැනීමට සිඩ්නි හි උසම ගොඩනැගිල්ල වන One Barangaroo සමත්වී තිබේ. ඔස්ටේ්‍රලියානු ගොඩනැගිල්ලක් විසින් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි. අඩි 890 ක් උසැති මහල් 71 කින් සමන්විත One Barangaroo ගොඩනැගිල්ල සිඩ්නි නගරයේ උසම ගොඩනැගිල්ල මෙන්ම ඔස්ටේ්‍රලියාවේ සමස්ත ගොඩනැගිලි අතුරින් 04 වැන්න වනවා. ලොව පුරා ඇති ගොඩනැගිලි අතුරින් මීටර් 100 ට වැඩි උසකින් යුත් ගොඩනැගිලි සළකා බැලීමෙනුයි මෙවර සම්මානය පිරිනමා ඇත්තේ. 1. One Barangaroo Height:

Read More »