ජැක්ලීන්ගෙන් අදත් ප්‍රශ්න කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ජැක්ලීන්ගෙන් අදත් ප්‍රශ්න කරයි

ජැක්ලීන්ගෙන් අදත් ප්‍රශ්න කරයි

බොලිවුඩ් ජනප්‍රිය නිලියක වන ශ්‍රී ලාංකික ජැක්ලීන් ෆර්නැන්ඩස්ගෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය අද නැවතත් ප්‍රශ්න කරන බව එරට මාධ්‍ය වාර්තා කළා.

ඒ මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවකට අදාළවයි.

ඉන්දීය රුපියල් කෝටි 200 ක් වංචා කළ බවට සුරේෂ් චන්ද්‍රසේකාර් නමැත්තෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

ජැකලීන් ෆර්නෑන්ඩස්  චන්ද්‍රසේකාර් දැන සිටි බවයි වාර්තා වන්නේ.

සුරේෂ් චන්ද්‍රසේකාර් නිරන්තරයෙන් දුරකථන සහ කෙටි පණිවුඩ මාර්ගයෙන් ජැක්ලීන් සමග සබඳතාවක් පවත්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය මාසයේදී ද මූල්‍ය බුද්ධි ඒකකය මගින් ජැක්ලීන් ෆර්නෑන්ඩස්ගෙන් පැය 5ක ප්‍රකාශයක් ලබා ගත්තා.