Search

උද්ඝෝෂණවල නිරත වූ 94 දෙනෙකු මෙල්බර්න් CBD හා St Kilda ප්‍රදේශවලදී අත්අඩංගුවට

Lockdown විරෝධී සහ එන්නත්කරණ විරෝධී උද්ඝෝෂණවල නිරත වූ තවත් 94 දෙනෙකු අද දිනය තුළදී මෙල්බර්න් CBD හා St Kilda ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

St Kilda හි Luna Park ආශ්‍රිත කලාපය අවහිර කරමින් විශාල පිරිසක් විරෝධතාවල නිරතවීමට සූදානම් වූ අවස්ථාවේදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සියල්ලන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනා මත දඩ නියම කරන බව වික්ටෝරියා පොලිසිය කියයි.

ඊයේ දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස 200 කට ආසන්න වූ අතර ඩොලර් මිලියනයකට වැඩි දඩ ඔවුන්ගෙන් අයකර ගැනීමට අපේක්ෂිතයි.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »