Day: September 25, 2021

PFIZER

එන්නත් ලැබීම ගැන කිසිදු බියක් ඇති කර නොගන්නැයි සියලු ප්‍රාන්තවලට දැනුම් දීමක්

නිසි පරිදි එන්නත් ලැබීම ගැන කිසිදු බියක් ඇති කර නොගන්නැයි ෆෙඩරල් රජය සියලු ප්‍රාන්තවලට දන්වා සිටිනවා. මෙම වසර අවසන්වීමට පෙර තවත් ෆයිසර් මාත්‍රා ලක්ෂ 09 ක් ඔස්ටේ්‍රලියාවට ලැබීමට නියමිත බවයි රජයේ එන්නත් කාර්ය සාධක බලකායේ ප්‍රධානී Lieutenant-General John Frewen සඳහන් කලේ. තමන්ට ලැබීමට නියමිත එන්නත් නිසි කලට නොලැබෙනු ඇති බවට වික්ටෝරියා සහ ACT ප්‍රාන්ත විසින් සැක මතු පළ කර තිබුණා. එන්නත් ප්‍රමාදයට ප්‍රධාන හේතුව ගෝලීය සැපයුම් ජාලයේ ප්‍රමාදයක් මිස ඔස්ටේ්‍රලියාවට පමණක් පොදුවූ කරුණක් නොවන බවයි

Read More »

ශ්‍රී ලංකා ජාතික සහ 19 න් පහළ කණ්ඩායම්වල උපදේශක ලෙස මහේල පත් කරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ 19 න් පහළ කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස හිටපු ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා. ඒ අනුව දැනට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහු අයි පී එල් තරගාවලිය අවසන් වූ වහා එක්සත් අරාබි එමීර් හිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග එක්වනු ඇති. පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු වටයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග මහේල ජයවර්ධන කටයුතු කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ. ඔක්තෝබර්

Read More »