ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ 19 න් පහළ කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස හිටපු ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.
ඒ අනුව දැනට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහු අයි පී එල් තරගාවලිය අවසන් වූ වහා එක්සත් අරාබි එමීර් හිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග එක්වනු ඇති.
පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු වටයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග මහේල ජයවර්ධන කටයුතු කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.
ඔක්තෝබර් 16 වනදා සිට 23 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව – අයර්ලන්තය සහ නෙදර්ලන්තයට එරෙහිව මූලික වටයේදී තරග වදින අතර එම කාලසීමාවේදී මහේල සිය අත්දැකීම් සහ උපායමාර්ගික සහය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමට නියමිතයි.
ලබන වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ උපදේශක ධුරයේ කටයුතු කිරීමටද මහේල ජයවර්ධන එකගවී තිබෙනවා.
මාස 05 ක් පුරා ක්‍රියාත්මක වන එය ගරු කටයුතු තනතුරක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.