එන්නත් ලැබීම ගැන කිසිදු බියක් ඇති කර නොගන්නැයි සියලු ප්‍රාන්තවලට දැනුම් දීමක්

PFIZER

නිසි පරිදි එන්නත් ලැබීම ගැන කිසිදු බියක් ඇති කර නොගන්නැයි ෆෙඩරල් රජය සියලු ප්‍රාන්තවලට දන්වා සිටිනවා.

මෙම වසර අවසන්වීමට පෙර තවත් ෆයිසර් මාත්‍රා ලක්ෂ 09 ක් ඔස්ටේ්‍රලියාවට ලැබීමට නියමිත බවයි රජයේ එන්නත් කාර්ය සාධක බලකායේ ප්‍රධානී Lieutenant-General John Frewen සඳහන් කලේ.

තමන්ට ලැබීමට නියමිත එන්නත් නිසි කලට නොලැබෙනු ඇති බවට වික්ටෝරියා සහ ACT ප්‍රාන්ත විසින් සැක මතු පළ කර තිබුණා.

එන්නත් ප්‍රමාදයට ප්‍රධාන හේතුව ගෝලීය සැපයුම් ජාලයේ ප්‍රමාදයක් මිස ඔස්ටේ්‍රලියාවට පමණක් පොදුවූ කරුණක් නොවන බවයි Lieutenant-General John Frewen කියාසිටියේ.

ඊයේ දිනයේදී ඔස්ටේ්‍රලියාව එන්නත්කරණ ඉලක්කයක් පසු කල අතර මේ වනවිට රටේ ජනගහණයෙන් සියයට 50 කට වඩා මාත්‍රා 02 ම ලබාදී අවසන්.

source : https://www.abc.net.au/news/2021-09-24/commonwealth-reassure-states-territories-pfizer-covid-vaccine/100490692

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »