Day: September 23, 2021

මව්බිමට එන්න බලන් ඉන්න ලාංකිකයන්ට අලුත් පණිවුඩයක්

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකිකයන් කටුනායක ගුවන්තොටුපලේදී සිදුකරන පී සී ආර් පරික්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් නිරෝධායනය වීමකින් තොරව එදිනම නිවෙස් වෙත යාමට අවසර දීම සදහා වන ක්‍රමවේදයක් මේවනවිට සකස් කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. කෙසේ වෙතත් දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයින් සදහා මෙම වැඩපිළිවෙල ලබන සෙනසුරාදා (24) සිට ආරම්භ වන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. කටුනායක ගුවන්තොටුපලේ ස්ථාපිත කළ නව පී සී ආර් පරික්ෂණාගාරය විවෘත කිරීමේ

Read More »

මෙල්බර්න් විරෝධතාකරුවෙකුට කොවිඩ් – සියල්ලන්ට පරීක්ෂණ කරගන්නැයි දන්වයි

ඊයේ පැවති මෙල්බර්න් විරෝධතාවලට සහභාගී වු ඉදි කිරීම් සේවකයෙකු කොවිඩ් ආසාධිත බව හඳුනාගෙන තිබේ. ඔහු මේ වනවිට මෙල්බර්න් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. නිවේදනයක් නිකුත් කරන වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඊයේ විරෝධතා අතර සිටි සෑම අයෙකුම වහා කොවිඩ් පරීක්ෂණයකට භාජනය විය යුතු බවයි. රෝග ලක්ෂණ තිබුණද නොතිබුණද වහා පරීක්ෂණයකට යොමු වන ලෙසටයි වැඩිදුරටත් දැනුම්දීමක් සිදුකෙරෙන්නේ. source : https://7news.com.au/lifestyle/health-wellbeing/victorian-lockdown-protester-tests-positive-to-covid-sparking-fears-of-superspreader-event-c-4049842

Read More »

මෙල්බර්න් ඝාතන සැකකරු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි

මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වික්ටෝරියා පොලිසිය මහජන සහය පතනවා. Christopher Hillman නම් මොහු සතුව ගිණි අවියක්ද පවතින බවයි විමර්ශන පොලිස් අධිකාරී Paul O’Halloran සඳහන් කලේ. පසුගිය සෙනසුරාදා රාත්‍රී 09 යි 30 ට පමණ Frankston, Rassay Court හි නිවසක තිබි 34 හැවිරිදි අයෙකුගේ මළ සිරුර හමුවුණා. සැකකාර Christopher Hillman මියගිය තැනැත්තාව හොඳින් හඳුනන අයෙකු බවටද වාර්තා වනවා. මොහු දුටු කවරෙකු හෝ වෙතොත් සමීපයට ගමන් කිරීමෙන් වළකින ලෙසත් වහා “000”

Read More »

ද්‍රවිඩ පවුලේ බාලම දැරිය හැර අනෙක් 03 දෙනාට bridging visa පිරිනමයි

මෑත කාලීනව ඔස්ටේ්‍රලියාව තුළ දැඩි කථාබහකට ලක්වු ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුලේ බාලම දැරිය හැර අනෙක් සාමාජිකයන් 03 දෙනාටද bridging visa පිරිනමා තිබේ. ඔවුන්ගේ නීතීඥ Carina Ford උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කලේ සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසින් ඔහුට පැවරී ඇති බලතල යටතේ මෙම වීසා බලපත් ලබා දී ඇති බවයි. මේ අනුව දරුවන් දෙදෙනාගේ පියා වන Nades – මව වන Priya සහ වැඩිමහල් දැරිය වන Kopika ට මාස 12 කට වලංගු වන පරිදි visa බලපත් ලබා

Read More »

හෙලිකොප්ටර් පියාසර කරවීමට මාධ්‍ය ආයතනවලට නැවතත් අවසර

විරෝධතා සජීවීව විකාශය කිරීම සඳහා මෙල්බර්න් CBD කලාපයට ඉහළින් හෙලිකොප්ටර් පියාසර කරවීමට මාධ්‍ය ආයතනවලට නැවතත් අවසර හිමිවී තිබේ. ඒ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අද සිට පැණවූ නව නියෝගයට එරෙහිව ඇතුලු මාධ්‍ය ආයතන කිහිපයක් විසින් ගොණුකල පෙත්සම අද සළකා බැලුණු අවස්ථාවේදීයි. මේ අනුව අවසන් තීන්දුවක් දෙන තුරු ප්‍රවෘත්ති ආවරණ කටයුතු සඳහා පමණක් හෙලිකොප්ටර් යානා පියාසර කරවීමට මාධ්‍ය ආයතනවලට අවසර හිමිවනවා. පෙර පුවත : මෙල්බර්න් අහසේ අද සිට මාධ්‍ය හෙලිකොප්ටර්වලට නව රෙගුලාසි – සජීවී විකාශත් අත්හිටුවයි

Read More »