හෙලිකොප්ටර් පියාසර කරවීමට මාධ්‍ය ආයතනවලට නැවතත් අවසර

විරෝධතා සජීවීව විකාශය කිරීම සඳහා මෙල්බර්න් CBD කලාපයට ඉහළින් හෙලිකොප්ටර් පියාසර කරවීමට මාධ්‍ය ආයතනවලට නැවතත් අවසර හිමිවී තිබේ.

ඒ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අද සිට පැණවූ නව නියෝගයට එරෙහිව ඇතුලු මාධ්‍ය ආයතන කිහිපයක් විසින් ගොණුකල පෙත්සම අද සළකා බැලුණු අවස්ථාවේදීයි.

මේ අනුව අවසන් තීන්දුවක් දෙන තුරු ප්‍රවෘත්ති ආවරණ කටයුතු සඳහා පමණක් හෙලිකොප්ටර් යානා පියාසර කරවීමට මාධ්‍ය ආයතනවලට අවසර හිමිවනවා.

පෙර පුවත : මෙල්බර්න් අහසේ අද සිට මාධ්‍ය හෙලිකොප්ටර්වලට නව රෙගුලාසි – සජීවී විකාශත් අත්හිටුවයි

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »