සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අද දහවල් 12.15ට පමණ ගොඩනැගිල්ලෙන් කළු දුමාරයක් මතුවන බවට වාර්තා වීමෙන් පසුවයි ගිනි නිවන රථ හයක් සහ ගිනි නිවන සහ ගලවා ගැනීමේ සාමාජිකයන් 24 ක් ගොඩනැගිල්ලට පැමිණ ඇත්තේ.
කාර්ය මණ්ඩලය සහ ගිනි නිවන කණ්ඩායම් එක්වී විනාඩි 45ක් ඇතුළත ගින්න මැඩපැවැත් වූ බව සඳහන්.
ගින්න හටගන්නා අවස්ථාව වන විට එම මධ්‍යස්ථානයේ පිහිනුම් තරගාවලියක් පැවැත්වෙමින් තිබුණු අතර කිසිවෙකුටත් අනතුරක් නොවන ආකාරයෙන් එම සියලුම පුද්ගලයින් ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මේ සම්බන්ධයෙන් පොලිසිය ඇතුලු බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.