මව්බිමට එන්න බලන් ඉන්න ලාංකිකයන්ට අලුත් පණිවුඩයක්

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකිකයන් කටුනායක ගුවන්තොටුපලේදී සිදුකරන පී සී ආර් පරික්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් නිරෝධායනය වීමකින් තොරව එදිනම නිවෙස් වෙත යාමට අවසර දීම සදහා වන ක්‍රමවේදයක් මේවනවිට සකස් කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

කෙසේ වෙතත් දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයින් සදහා මෙම වැඩපිළිවෙල ලබන සෙනසුරාදා (24) සිට ආරම්භ වන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

කටුනායක ගුවන්තොටුපලේ ස්ථාපිත කළ නව පී සී ආර් පරික්ෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව කියා සිටියේ.

එළැඹෙන සෙනසුරාදා සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මෙම පරීක්ෂණාගාරයේ දී පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරෙනු ඇති.

ඒ සදහා අමරිකානු ඩොලර් 40ක මුදලක් අයකරන අතර පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 ක් බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි.

පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීම මෙහිදී සිදුකෙරෙනවා.

අදාල සංචාරකයා එම වාර්තාවට අනුව අදාල සංචාරකයා ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් සහ ඔහු පූර්ණ එන්නත්කරණයට ලක්වූවෙක් නම් පමණක් නිරෝධායනය වීමකින් තොරව රටතුල සංචාරය කිරීමට අවසර හිමිවන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියේ.

මෙල්බන් වැසියන්ට අවසර නොමැතිව ගෙවත්තේ ඇති ගස් කපන්න තහනම් වෙයි?

මෙල්බර්න්හි ගිනිකොන දෙසින් පිහිටි නිවාසවල පදිංචිකරුවන්ට බලපත්‍රයක් නොමැතිව තම ගෙමිදුලෙහි ඇති ගස් කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන් කැපීම තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »

මෙල්බන් සරසවියේ උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන අයට දැනුවත් කිරීමේ වැඩසටහනක්

මෙල්බන් විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදැරීමට බලාපොරොත්තු වන දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන දෙස් විදෙස් විද්‍යාර්ථයින් සඳහා නවතම දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ට්විටර් අවහිර කිරීමේ අවදානමක්

ෆෙඩරල් අධිකරණයේ නියෝගයන්ට අනුකූලව කටයුතු නොකළ හොත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්ට්‍රේලියාව තුළ අවහිර කිරීමේ අවදානමක් මතුවී තිබෙනවා.

Read More »

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »