Search

නිව් සවුත්වේල්ස්හි උණ සහ කොවිඩ් රෝගීන් අභිබවා වෙනත් රෝගයක් ව්‍යාප්ත වෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ RSV ශ්වසන රෝගීන් වාර්තා වීම COVID-19 සහ උණ රෝගීන් අභිබවා ගොස් ඇතැයි අනාවරණ වනවා.

ප්‍රාන්තයේ ශ්වසන රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින අතර COVID-19 සහ උණ රෝගීන් සංඛ්‍යාව ස්ථාවරව සහ අඩු මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය වාර්තාවලට අනුව පසුගිය සතිය තුළ RSV රෝගීන්ගේ සියයට නවයක වැඩිවීමක් සිදුවී ඇති අතර හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3084ක්.

මේ අතර, පසුගිය සතිය තුළ ප්‍රාන්තයෙන් COVID-19 රෝගීන් 1648ක් සහ උණ රෝගීන් 1555ක් වාර්තා වී තිබෙනවා.

පසුගිය දින 7 තුළ COVID-19 සහ උණ ආසාදිතයන් සම්බන්ධයෙන් දැනුම්දීම් සියයට නවයකට වඩා වැඩි වී තිබුණ ද එය පවතින්නේ RSV ශ්වසන රෝගීන්ගේ සංඛ්‍යාවලට වඩා අඩු මට්ටමකයි.

COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා ආසාදිතයන් අඩු මට්ටමක පවතින බවයි නිව් සවුත්වේල්ස්හි සතිපතා ශ්වසන නිරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත්තේ.

ළදරුවන් සහ වැඩිහිටියන් ඇතුළු අවදානමට ලක්විය හැකි ඔස්ට්‍රේලියානුවන් සඳහා RSV එන්නත් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »