Search

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසිනුයි කාර්යාංශයේ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් එක්රැස් කිරීම සම්බන්ධ ඕනෑම වංචනික ක්‍රියාවක් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

එමෙන්ම විදේශ රැකියා ලබා දෙන මුවාවෙන් නීති විරෝධිව සිදු කෙරෙන මුදල් එකතු කිරීම් සම්බන්ධ විමර්ශන සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ඔහු කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට දැනුම්දී තිබෙනවා.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් අනුරාධපුරය ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකු සහ ස්වාමීන් වහන්සේ නමක් වංචනික ලෙස මුදල් එකතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එවැනි වංචනික සිදුවීමකට මුහුණ දී ඇති ඕනෑම අයෙකුට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිලි අංශයට පැමිණිලි කළ යුතු බව අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »