
මෙල්බන් විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදැරීමට බලාපොරොත්තු වන දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන දෙස් විදෙස් විද්‍යාර්ථයින් සඳහා නවතම දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සිසුන්ට ද යුනිවර්සිටි ඔෆ් මෙල්බන් යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැකියි.
වැඩසටහන යටතේ අධ්‍යයන අවස්ථා දැන ගැනීමට, පාඨමාලා උපදේශකයින්, වත්මන් සිසුන් සහ ආදි සිසුන් සමඟ සම්බන්ධව තොරතුරු දැනගැනීමට ද හැකියාව පවතිනවා.

දැනටමත් ඔස්ට්‍රේලියාවේ සිටින විදේශ සිසුන් සඳහා මෙය වඩාත් හොඳ අවස්ථාවක් වන අතර තම අධ්‍යාපනය මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ වෘත්තීය අනාගතය ගොඩනගා ගැනීම සඳහා ද මෙමගින් අවස්ථාව හිමිවනු ඇති.
මෙම වැඩසටහන මැයි 09 වනදා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට මැයි මස 8 වනදාට පෙර ලියාපදිංචි විය යුතු වනවා.

විශේෂයෙන් පශ්චාත් උපාධියක් හැදැරීමට අපේක්ෂා කරන සංක්‍රමණික සිසුන් සඳහා මෙය වඩාත් සුවිශේෂි අවස්ථාවක් වන අතර අධ්‍යන විෂය සහ පාඨමාලා ගැන ද එහිදි දැනුවත් විය හැකියි.