Search

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අයි.පී.එල්. තරගාවලියේ 53 වැනි තරගය ලෙස මෙම තරගය සත්කාරක පංජාබ් කිංග්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් ප.ව. 3.30ට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් හඳුන්වාදුන් ‘දෙමුහුන් තාක්ෂණය’ යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කළ පළමු ඉන්දීය ක්‍රීඩාංගණය ලෙස මෙය අද ඉතිහාසයට එක්වනු ඇති.

දෙමුහුන් තණතීරුවක් යනු ඉතා සියුම් තණතිලි වන අතර, එහි සාමාන්‍ය රටාවකට (සාමාන්‍යයෙන් 20mm x 20mm ජාලකය) මිලිමීටර් 90 දක්වා ගැඹුරට ප්ලාස්ටික් කෙඳි මැහුම් කර තිබෙනවා.

ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු සඳහා නෙදර්ල්ත සිස්ග්‍රාස් සමාගම මුදල් ආයෝජනය කළ බව ක්‍රීඩාංගණය භාර හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් සංගමය සඳහන් කළා.

දෙමුහුන් ක්‍රීඩාංගණවල ජාත්‍යන්තර විස්සයි20 සහ සීමිත පන්දුවාර ක්‍රිකට් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අවසර ලබා දීමෙන් අනතුරුව, එම සමගම විසින් එංගලන්තයේ ලෝඩ්ස්, ඕවල් ඇතුළු ක්‍රීඩාංගණ රැසක් දෙමුහුම්කරණයට ලක් කර තිබෙනවා.

ඊට සමගාමීව හිචාල් ප්‍රදේශ් ක්‍රිකට් සංගමය මීට පෙර ඔවුන්ගේ පුහුණු ක්‍රීඩාංගණ වල තනතීරු දෙමුහුන් ලෙස නවීකරණය කරනු ලැබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »