ඊයේ පැවති මෙල්බර්න් විරෝධතාවලට සහභාගී වු ඉදි කිරීම් සේවකයෙකු කොවිඩ් ආසාධිත බව හඳුනාගෙන තිබේ.
ඔහු මේ වනවිට මෙල්බර්න් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.
නිවේදනයක් නිකුත් කරන වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඊයේ විරෝධතා අතර සිටි සෑම අයෙකුම වහා කොවිඩ් පරීක්ෂණයකට භාජනය විය යුතු බවයි.
රෝග ලක්ෂණ තිබුණද නොතිබුණද වහා පරීක්ෂණයකට යොමු වන ලෙසටයි වැඩිදුරටත් දැනුම්දීමක් සිදුකෙරෙන්නේ.