Day: September 23, 2021

04 වන දිනයටත් විරෝධතා පැවැත්වීමට සූදානම් බවට වාර්තා – ඊයේ ඇතැමුන් කෙළ ගසා ඇතැයි චෝදනා

04 වන දිනයටත් මෙල්බර්න් ඉදිකිරීම් සේවකයන් අදත් නගරයේ විරෝධතා පැවැත්වීමට සූදානම් වන බවට වාර්තා පළවේ. එහෙත් කුමන ස්ථානයකදී ඔවුන් විරෝධතා පවත්වන්නේදැයි මෙතෙක් අනාවරණ වී නැහැ. එබැවින් නගරයේ ආරක්ෂාව තර කිරීමට වික්ටෝරියා පොලිසිය ස්ථාන කිහිපයක පොලිස් නිළධාරීන් අනුයුක්ත කර තිබේ. මේ අතර ඊයේ දිනයේදී උද්ඝෝෂකයන් විසින් එන්නත්කරණ මධ්‍යස්ථාන කිහිපයක කටයුතුවලට බාධා කර ඇති බවට වාර්තා වේ. ඇතැමුන් සෞඛ්‍ය සේවකයන්ට කෙළ ප්‍රහාර පවා එල්ල කර ඇති බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසා සිටියේ. එම මධ්‍යස්ථාන අද දිනයේදී

Read More »

සිඩ්නි සිටින වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට යළි නිවාස වෙත පැමිණීමට අවසර

දැනට සිඩ්නි නගරයේ සිටින වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට නොහැකිව සිටින පුද්ගලයන්ට යළි සිය නිවාස වෙත පැමිණීම සඳහා අවසර ලැබී තිබේ. එන්නත් මාත්‍රා 02 ම ගෙන සිටින එමෙන්ම වික්ටෝරියාවේ රතු කලාප ලෙස නම් කර නොමැති ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ට මෙලෙස පැමිණීමට අවසර හිමිවනු ඇත. ලබන 30 වනදා සිට නව වැඩපිළිවෙල බලාත්මක වන බවයි වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී Brett Sutton කියාසිටියේ. ප්‍රාන්තයට ඇතුලුවීමට පැය 72 කට පෙර ඔවුන් කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු අතර එයින් සෘණාත්මක ප්‍රථිඵලයක් ලබා ගත

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1064 ක් / මරණ 06 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (22) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1064ක් වාර්තා වි තිබේ. දැනට 1244 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 233 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 06 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 322 කි. https://twitter.com/NSWHealth/status/1440843420952498185?s=20

Read More »

StarTrack රියදුරන් දහස් සංඛ්‍යාත පිරිසක් පැය 24 ක වර්ජනයක

StarTrack බෙදාහැරීම් රියදුරන් දහස් සංඛ්‍යාත පිරිසක් පැය 24 ක වර්ජනයක් ආරම්භ කර තිබේ. සිය සේවා සුරක්ෂිතතාව තහවුරු කරන ලෙස ඉල්ලා 2000 ක් පමණ ඊට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. මෙම වර්ජනය හමුවේ එන්නත් බෙදා හැරීම් කටයුතුවලටද බාධා මතුවී තිබෙනවා. ඊයේ රාත්‍රී පැවති කරුණු විමසීමකින් පසුව Fair Work Commission විසින් මෙම වර්ජනයට අවසර දුන්නේය. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිළදී ගත් ජනතාවට දිගු ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවටද අනතුරු ඇගවේ. StarTrack යනු Australia Post ට අනුබද්ධ සේවාවකි. Australia Post විසින් ඩොලර් බිලියන

Read More »

වික්ටෝරියාවේ දිනක කොරෝනා රෝගීන් ගණන 700 සීමාව ඉක්මවයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 766 ක් හමුව ඇත. මරණ 4ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,666 කි. ඊයේ දිනයේදී (22) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 62,408 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 40,957 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1440816355343618048?s=20

Read More »