සිඩ්නි සිටින වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට යළි නිවාස වෙත පැමිණීමට අවසර

දැනට සිඩ්නි නගරයේ සිටින වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට නොහැකිව සිටින පුද්ගලයන්ට යළි සිය නිවාස වෙත පැමිණීම සඳහා අවසර ලැබී තිබේ.

එන්නත් මාත්‍රා 02 ම ගෙන සිටින එමෙන්ම වික්ටෝරියාවේ රතු කලාප ලෙස නම් කර නොමැති ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ට මෙලෙස පැමිණීමට අවසර හිමිවනු ඇත.

ලබන 30 වනදා සිට නව වැඩපිළිවෙල බලාත්මක වන බවයි වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී Brett Sutton කියාසිටියේ.

ප්‍රාන්තයට ඇතුලුවීමට පැය 72 කට පෙර ඔවුන් කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු අතර එයින් සෘණාත්මක ප්‍රථිඵලයක් ලබා ගත යුතුයි.

දින 14 ක නිවසෙහි නිරෝධායනය ආරම්භ කරන දිනයේ මෙන්ම අවසන් කරන දිනයේදී යළිත් පරීක්ෂාවීමට ඔවුන්ට සිදුවනවා.

වික්ටෝරියා පොලිසිය විසින් මෙම නිරෝධායන වැඩපිළිවෙල අඛණ්ඩව පරීක්ෂාකර බලනු ඇති.

 

Source : https://7news.com.au/lifestyle/health-wellbeing/victoria-changing-extreme-risk-zone-rules-to-allow-residents-to-return-from-covid-stricken-sydney–c-4045491

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »