මෙල්බර්න් ඝාතන සැකකරු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි

මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වික්ටෝරියා පොලිසිය මහජන සහය පතනවා.

Christopher Hillman නම් මොහු සතුව ගිණි අවියක්ද පවතින බවයි විමර්ශන පොලිස් අධිකාරී Paul O’Halloran සඳහන් කලේ.

පසුගිය සෙනසුරාදා රාත්‍රී 09 යි 30 ට පමණ Frankston, Rassay Court හි නිවසක තිබි 34 හැවිරිදි අයෙකුගේ මළ සිරුර හමුවුණා.

සැකකාර Christopher Hillman මියගිය තැනැත්තාව හොඳින් හඳුනන අයෙකු බවටද වාර්තා වනවා.

මොහු දුටු කවරෙකු හෝ වෙතොත් සමීපයට ගමන් කිරීමෙන් වළකින ලෙසත් වහා “000” අමතන ලෙසත් පොලිසිය දන්වා සිටී.

 

Source : https://www.facebook.com/photo/?fbid=221360920016978&set=a.158603629626041&__tn__=%2CO*F

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »