ද්‍රවිඩ පවුලේ බාලම දැරිය හැර අනෙක් 03 දෙනාට bridging visa පිරිනමයි

මෑත කාලීනව ඔස්ටේ්‍රලියාව තුළ දැඩි කථාබහකට ලක්වු ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුලේ බාලම දැරිය හැර අනෙක් සාමාජිකයන් 03 දෙනාටද bridging visa පිරිනමා තිබේ.

ඔවුන්ගේ නීතීඥ Carina Ford උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කලේ සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසින් ඔහුට පැවරී ඇති බලතල යටතේ මෙම වීසා බලපත් ලබා දී ඇති බවයි.

මේ අනුව දරුවන් දෙදෙනාගේ පියා වන Nades – මව වන Priya සහ වැඩිමහල් දැරිය වන Kopika ට මාස 12 කට වලංගු වන පරිදි visa බලපත් ලබා දී ඇත.

බාලම දැරිය වන Tharnicaa ට bridging visa ලබාදී නොමැති අතර ඇය තවදුරටත් community determination order යටතේ පසුවේ.

එනම් මෙම පවුල විසින් ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම වන නැවතත් ඔවුන්ට පෙර පදිංචි වී සිටි Biloela නගරය වෙත යාමට අවසර නොලැබෙනු ඇත.

මෙම පවුලට අදාළව නඩු කටයුත්තක් ද ක්‍රියාත්මක වන්නේ ඔවුන් විසින් ඉල්ලා ඇති පුරවැසිභාවයට අදාළ අයදුම්පත් යටතේයි.

Source : https://www.abc.net.au/news/2021-09-23/biloelas-nadesalingam-family-granted-12-month-visa-extensions/100486280?utm_medium=social&utm_content=sf249774502&utm_campaign=fb_abc_news&utm_source=m.facebook.com&sf249774502=1&fbclid=IwAR27fH8DLZwZ9pMFbLmNnRCIw_KMFfwA_j4_fEoxwUHO0NFUGJN6UOfXn1s

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »