Day: September 3, 2021

වසර 13 කට පෙර මෙල්බර්න් හිදී රිය අනතුරක් සිදුකර පළාගිය අයෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට

වසර 13 කට පෙර මෙල්බර්න් හිදී රිය අනතුරක් සිදුකර ශිෂ්‍යයෙකු මරණයට පත්කර පළාගිය පුද්ගලයෙකු ඉන්දියාවේ දිල්ලි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. 2008 වසරේදී සිදුවූ මෙම රිය අනතුරට අදාළව Puneet Puneet අත්අඩංගුවට ගනු ලැබුවද පසුව ඔහු ඇප මත මුදා හැරණා. එහිදී සිය මිතුරාගේ ගමන් බලපත්‍රය උපයෝගී කරගනිමින් මෙම සැකකරු දඩුවම් නියම කිරීමට පෙර ඉන්දියාවට පළා ගොස් තිබුණා. කෙසේවෙතත් වසර 04 කට පමණ පසු සිය විවාහ දිනයේදී මොහු නැවතත් අත්අඩංගුවට ගත්තද නඩු විභාගය අතුරතුර යළිත් අතුරුදන්වී තිබිණ. Dean Hofstee

Read More »

ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දැනට පනවා ඇති සංචරණ සිමා නැවතත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා. අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය නැවතත් සැප්තැම්බර් මස 13 වෙනිදාදක්වා දීර්ඝ කර තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේ. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් අගෝස්තු 20 වෙනිදා සිට 31 වෙනිදා දක්වා නිරෝධායන ඇඳිරි නිතිය පනවනු ලැබූ අතර

Read More »

Update: නවසීලන්තයේදී මියගිය IS සාමාජික ලාංකිකයා මීට පෙරත් අත්අඩංගුවේ ඉඳලා

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳ සැලක් තුළදී පුද්ගලයන් 06 දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකල 32 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු නවසීලන්ත පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් සඳහන් කලේ මෙය අයි එස් සංවිධානයේ අන්තවාදී මත දැරීම හමුවේ සිදුව ඇති ත්‍රස්ත ක්‍රියාවක් බවයි. සැකකරු වසර 10 ක සිට නවසීලන්තයේ වාසය කර ඇති බවද තහවුරු කරගෙන තිබෙනවා. කෙසේවෙතත් ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරීම නවසීලන්ත බළධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සැකකරු ප්‍රහාරය ආරම්භ කර තත්පර 60

Read More »

Breaking: ඕක්ලන්ඩ් වෙළඳ සැලක් තුළදී 06 කට තුවාල සිදුකල ලාංකිකයෙකු නවසීලන්ත පොලිස් වෙඩි පහරින් මරුට

ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳ සැලක් තුළදී පුද්ගලයන් 06 දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකල ශ්‍රී ලාංකිකයෙකු නවසීලන්ත පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ. මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව නවසීලන්ත පොලිසිය සඳහන් කලා. සිද්ධිය සම්බන්ධයෙන් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් තව සුලු වේලාවකින් නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.

Read More »

එන්නත් ගෙන නොමැති වික්ටෝරියා වාසීන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුලුවීම තහනම්

කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුලුවීමට අවසර නොදෙන නව නීතියක් ගෙන එන බව ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පවසයි. සියයට 70-80 එන්නත් ඉලක්කය සපුරාලීමත් ප්‍රාන්ත සීමා විවෘත කිරීමත් සමග එය වහා ක්‍රියාත්මක කරන බවයි අගමැතිවරයා කියාසිටියේ. අවන්හල් – Pubs – ක්‍රීඩාංගණ – විනෝදාත්මක ඉසව් වැනි කිසිවක් සඳහා එවැනි පුද්ගලයන්ට ඇතුලුවීමට අවසර නොදෙන බවයි ඩැනියෙල් ඇන්ඩෲස් පවසන්නේ. ඇතැමෙකුට මෙය ඉතා දැඩි තීරණයක් යැයි තර්ක කල හැකි වුවද බහුතර පිරිසකගේ ආරක්ෂාව සලකා අකමැත්තෙන් වුවද මෙවැනි

Read More »