ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳ සැලක් තුළදී පුද්ගලයන් 06 දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකල ශ්‍රී ලාංකිකයෙකු නවසීලන්ත පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.
තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව නවසීලන්ත පොලිසිය සඳහන් කලා.
සිද්ධිය සම්බන්ධයෙන් නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් තව සුලු වේලාවකින් නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.